නවගත්තේගම ගුරුවරික දන ගැස්වීයැයි කියන පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර ඇප ලබා එළියට පැමිණීමත් සමග ඔහුගේ ආධාරකරුවෝ ඔහු සමග ආනමඩුව නගරය වටේ චාරිකාවක යෙදුණේය.
අනතුරුව අයියානායක දේවාලයට ගොස් පොල් ගැසුවේය.
මේ අතර ලංකා ගුරු සංගමය සහ ලංකා ගුරු සේවා සංගමය ද අධිකරණය අසළ සිට පෙළපාළියෙන් නගරය බලා යන්නට ආහ.
පොලිසිය හා කැරලි මර්දන පොලිසිය මාර්ග බාධක දමා ඔවුන්ගේ ගමන නතර කිරීමට උත්සාහ ගත්තේය.
(ඡායාරූප හිරාන් ප්‍රියංකර ජයසිංහ)
(ඡායාරූපය ජූඩ් සමන්ත)