ඇප මුදල් කොල්ලය වරදී


ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඇප මුදල් බැඳීමට ආ පුද්ගලයකු ළඟ තිබූ රුපියල් 5000ක් කොල්ලකන්නට ගත් උත්සාහයක් වලක්වා ගැනීම එහි සිටි සිවිල් ආරක්ෂක භටයෙක් සමත් විය.

ඔහු කොල්ලකරු අල්ලා පොලිසියට බාර දුන්නේය.