ඇප මදිවී තංගලු සභාපතිටත් මුල සිටම තංගලු යන්නවේ


තංගල්ල හෝටලයක දී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂේක් ෂමාන් මරා ඔහුගේ හිතවතිය වූ වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රෝනා කෙළෙසීයැයි කියන නඩුවේ   සැකකරුවන් පස්දෙනා වෙනුවෙන් ඉදිරිපත් කැරුණු ඇපකරුවන් සතුව රුපියල් පන්ලක්ෂක වත්කම් නැති නිසා ඔවුන් ඇපකරුවන් ලෙස නොපිලිගන්නා බව කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය අද තීරණය කළාය.

රුපියල් පන්ලක්ෂයකට වැඩි වත්කම් ඇති සහ සැකකරුවන්ට වඩා ඉහළ තනතුරක් දරන ඇපකරුවන් ඉදිරිපත් කර‍න තෙක් අද පස්වරු දෙක වනතුරු තංගල්ල ප්‍රාදේශීය සභාපති සම්පත් විදානපතිරණගේ  ඇතුළු සැකකරුවෝ බන්ධනාගාරයේ රඳවා තබන ලෙස ද විනිසුරුවරිය විසින් නියෝග කරනු ලැබූහ.