නීතිපති උපදෙස් නොලැබීම නිසා රිමාන්ඩ් කැරුණු කොටි සැකකරුවන් 38 දෙනකු දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද දහවල් නියෝග කළේය.
1979 ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින් ලද බලතල අනුව සැකකරුවන් නිදහස් කරන ලෙස නීතිපති වෙනුවෙන් රජයේ නීතීඥ අසාත් නවාෆ් මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
සැකකරුවන්ට රුපියල් දස ලක්ෂයේ ශරීර ඇප දෙක බැගින් නියම කළ මහේස්ත්‍රාත් ඇපකරුවන් සැකකරුවන්ගේ ගමේ අය බවට ග්‍රාම සේවක සහතික කළ යුතු බව කීවේය.
සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කළ අතර සති දෙකකට වරක් ඉරු දින වව්නියාවේ හෝ කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.
පදිංචිය වෙනස් කරන්නේ නම් ඒ බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට දැනුම් දෙන ලෙස ද නියෝග කැරිණි.
මේ පිරිස අතර සිංහල ජාතිකයන් සිව් දෙනෙක් ද, දෙමළ කතුන් දෙදෙනෙක් ද සිටිති.
නඩු ජනවාරි 27 වැනි දා නැවත කැඳවීමට නියමිතය.
ඇප කොන්සේදි සම්පූර්ණ කළ නොහැකි නිසා ඔවුහු යළි බන්ධනාගාරයට රැගෙන යනු ලැබූහ.

