ඇප කොන්දේසි සපුරා ගත නොහැකි වූ රඹුක්වැල්ල යුවළ දියණිය බන්ධනාගාරයට


රෝෂන් තුෂාර

රුපියල් කෝටි නවයකට අධික මුදලක් සහිත සැක කටයුතු ගිණුම් 16 පවත්වාගෙන ගියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප ලැබූ හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු තිදෙනා ඇප කොන්දේසි සපුරා ගත නොහැකිව බන්ධනාගාරයට රැගෙන යාමට බන්ධනාගාර නිලධාරීන් අද පස්වරුවේ කටයුතු කළේය.

කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ සහ දියණිය යන සැකකරුවන් මෙසේ ඇප කොන්දේසි සපුරා ගත නොහැකිව බන්ධනාගාර ගතවිය.

අල්ලස් කොමිෂන් මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එක් සැකකරුවෙකුට රුපියල් 50000 දාස බැගින් මුදල් සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුන බැගින් නියම කෙරිණි.

ඇපකරුවන් ළඟම ඥාතීන් විය යුතු බවටද සියලු ඇප කොන්දේසි සපුරාලීමෙන් පසුව සැකකරුවන් මුදා හරින ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය නියෝග කොට තිබිණි.

ඡායා - ඉසුරු පෙරේරා