ඇන්ඩෘ විදුහලේ කාමරේකින් තවත් ඡන්ද මිටියක්


වයඹ ඡන්දයේ දී සලකුණු කළ තවත් ඡන්ද පත්‍රිකා තොගයක් පුත්තලම ශාන්ත ඇන්ඩෘ මහා විද්‍යාලයයේ තවත් ශාලාවකින් සොයා ගත් බව වයඹ හිටපු පළාත් සභා මන්ත්‍රී ආබ්දීන් යෙහෙයියා මහතා කියයි.

එම ඡන්ද පත්‍රිකා අධිකරණයට භාර දී නැතැයි ඔහු කියයි.

පසුගිය සිකුරාදා මෙම පුවත එසැණට ලැබුණත් පුත්තලම තේරීම්භාර නිලධාරී කාර්යාලයයේ ප්‍රතිචාරය නොලැබුණු නිසා එය පළ කිරීම පමා කැරිණි.

පසුගිය 25 වැනිදා තවත් ඡන්ද පත්‍රිකා තොගයක් පුත්තලම මැතිවරණ කාර්යාල නිලධරයන් විසින් භාර ගන්නා ලදැයි පුත්තලම දිසාපති කිංස්ලි ප්‍රණාන්දු මහතා කියයි.

එම ඡන්ද පත්‍රිකා ශීල් තබා සුරක්ෂිතාගාරයේ තැම්පත් කළ බව ද දිසාපති කියයි.