ඇන්ටොනොව් යානයක් මත්තල


ඇන්ටොනොව්  වර්ගයේ  විශාල  භාන්ඩ ප්‍රවාහන ගුවන් යානයක්  අද   අළුයම මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර  ගුවන්තොටුපොළට පැමිණ ඇත.

 යු.ආර්  820-27 දරණ මෙම ගුවන්යානාව ඇමරිකාවේ සිට මත්තලට පැමිණ ඇති අතර එය අද මධ්‍යම රාත්‍රී 11.35 ට මත්තල සිට ඕස්ට්‍රේලියාව  බලා යාමට නියමිත බව වාර්ථා වෙයි.

මත්තල ගුවන් ගමන් කාල සටහනට අනුව අද  දිනයේදී මත්තලට පැමණීමට නියමිතව තිබුනේ ෆ්ලයි ඩුබායි ගුවන්සේවයට අයත් ගුවන් යානයක් පමණි.

මේ පිළිබඳව කළ විමසීමකදී මත්තල ගුවන්තොටුපොළේ උසස් නිලධාරියෙකු මුලින්ම පැවසුවේ එහි කාර්ය මණ්ඩලය 19 දෙනෙකු සිටින බවත් ගුවන් ගමන් භාන්ඩ තොගයක් රැගෙන යාම සඳහා පැමිණ ඇති බවයි. මෙවැනි යානා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගුවන් ගමන් භාන්ඩ රැගෙන යාම සඳහා පැමිණෙන බවත් ඔහු කීවේය.

එහෙත් තවත් නිලධාරියෙකු පැවසුවේ මෙවැනි යානයක් මත්තලට පැමිණි පළමු  අවස්ථාව මෙය බවත් එහි කාර්ය  මණ්ඩලය විවේක ගැනීමට මත්තලට පැමිණි බවයි.

රසියන් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් යුක්රේන් යන ආයතනයට  අයත් මෙම ගුවන්යානය තුළ  විශාල ඇන්ජිමක් සහ අමතර කොටස් ඇති බව වාර්ථා වෙයි.