සර්ප දෂ්ට කිරීම්වලට ලක්වු රෝගීන් හතර දෙනකු මහියංගණ රෝහලේදී මිය යෑමෙන් පසුව ඉන්දියාවෙන් ගෙන්වන ඒ වී එස් එන්නතේ ක්‍රියාකාරීත්වය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පරීක්ෂණයක් අරඹා ඇතැයි මහියංගණ රෝහල් ආරංචි කියයි.
පසුගිය දෙමාසයේදී සර්පයන් දෂ්ට කිරීමෙන් මහියංගණ රෝහලට ඇතුළු කළ හතර දෙනකු මිය ගිය නිසා එන්නතේ ක්‍රියාකාරීත්වය ගැන වෛද්‍යවරු සැක කළහ.
ඒ අනුව මහියංගණ රෝහලේ වෛද්‍ය අධිකාරී සෙනරත් බණෟඩාර මහතා පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියට හා සෞඛ්‍ය අමාත්‍යංශට පැමිණිලි කළහ.අමාත්‍යංශ පරීක්ෂණය ඇරැඹුණේ එහි ප්‍රතිපලයක් ලෙසය.
ඒත් මේ ප්‍රතිවිෂ එන්නත ගැන සම්බන්ධයෙන් ගැටළු පවතින බව රජයේ වෛද්‍ය නිලධරයින්ගේ සංගමය පවසයි
සංගමයේ සහකාර ලේකම් දොස්තර නලීන්ද හේරත් පැවසුයේ එම එන්නතේ ක්‍රියාකාරීත්වය ගැන තොරතුරු සපයන ලෙස සංගමයේ සියළු ශාඛා වෙත දැන්වු බවයි.

