ඇන්ටන් ජූඩ් මියයයි


වේදිකාවේ, සිනමාවේ සහ ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රසිද්ධ නළුවකු වූ ඇන්ටන් ජූඞ් මහතා මියගියේය. හෘදයාබාදයක් වැළඳී රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අද අලුයම ඔහු  මරණයට පත් විය 1960 නොවැම්බර් 28 වෙනි දින රත්මලාන වලව්වත්තේ උපන් ඇන්ටන් ජුඩ් වේදිකා නාට්‍ය තුළින් රංගන කරළියට පිවිසියේය.  මිය යන විට 52 වියෙහි පසු වු ඒ මහතා සකිසඳ එළියස් ටෙලි නාට්‍යයෙන් ප්‍රේක්ෂක සිත් වැළඳ ගත්තේය චරිතාංග නළුවකු වු  ඇන්ටන් ජූඩ් නම් මේ  රංගන ශිල්පියා වේදිකාව තුළ  ප්‍රාසාංගික කලාවට වෙනසක් එක් කළ අතර සිකුරු හතේ .  සාරංගා නැවෙන් ඇවිත්.  යන නිර්මාණ ඔහුගේ  රංගන හැකියාවට සදා අමරණිය නාමයක් එක් කළේය