ඇන්ජලෝ මැතිව්ස් එෆ්සීඅයිඩියට එයි


ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (19) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණියේය.

මුදලට තරග පාවාදීම සඳහා රංගන හේරත් හා කුසල් ජනිත් පෙරේරා පොළඹවා ගැනීමට උත්සාහ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා කළ පැමිණිල්ලක් අනුව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර විමර්ශනයක් සිදුකරන ලෙස එෆ්සීඅයිඩියට දන්වා ඇත. ඒ අනුව රංගන හේරත්ගේ හා කුසල් ජනිත්ගේ ප්‍රකාශ එෆ්සීඅයිඩිය පසුගියදා ලබාගත් අතර ඔවුන්ගේ ප්‍රකාශ තහවුරු කරගැනීම සඳහා නායක ඇන්ජලෝ මැතිව්ස් එෆ්සීඅයිඩියට කැඳවා ඇත.

මේ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිටද අද එෆ්සීඅයිඩියට කැඳවා ඇත.

web12584065_852016119108_496615680_n

ඡායාරූප - දර්ශන සංජීව