විධායක ජනපති ක්‍රමය හා සමානුපාතික ඡන්ද ක්‍රමය අහෝසි කිරිම , රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 30,00 දක්වා වැඩි කිරීම පෞද්ගලික අංශයේ හා වතුකරයේ වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් 28 ක් දිනා ගැනීමට සියළු වෘත්තිය සමිති හා සමාජවාදී ජනතා පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක් එක් වී මහා වැඩ වර්ජනයක් කැඳවීමට සුදානම් බවජාතික භාෂා හා ජාතික ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානයක්කාර මහතා පවසයි.
මෙවර මැයි දිනය දේශපාලන පක්ෂ පහක් එක් වී නුගේගොඩ පැවැත්වීමට හේතු දක්වමින් බොරැල්ල ආචාර්ය එන් එම් පෙරේරා මධ්‍යස්ථානයේ පැවැතිපුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.
ජාතීවාදී ආගම්වාදී ජනවාර්ගික ගැටුම් ඇති කරවන සුළු ජාතිවාදී සංවිධාන වලට දඩුවම් පමුණුවන ලෙස නීතී සංශෝධනය කරන ලෙස තමා ඇමැති මණ්ඩලයටත් සන්දේශයක් ඉදිරිපත් කළ බව ද ඇමැතිවරයා පැවසීය.
රාජ්‍ය සේවක දෙවසරේ විශ්‍රාම පාරිතෝෂිකය බැංකුවේ ණයක් හැටියට ලබා දීමට තමා තරයේ විරුද්ධ වන බව ද ඒ මහතා කීවේය.
ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් වන තිස්ස විතාරණ , ඩීව් ගුණසේකර ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ජාතික සංවිධායක අසංක නවරත්න,ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ එස් සුදුසිංහ හා වෘත්තිය සමිති නායක ඩී එම් ඩී අබේරත්න යන මහත්වරු මේ අවස්ථාවට එක් වුහ.

