ඇනස්ලිගේ පුතා මියයයි


ලංකාව සිනහාවෙන් නැළවූ විනෝද සමයේ නැසීගිය ඇනස්ලි ඩයස්ගේ වැඩිමහල් පුත්‍රයා වූ  පැරීසියේ වාසය කළ රජින්ද්‍ර ඩයස් ලංකාවේ නිවාඩුව ගත කරන අතරතුර ජුලී  මස 19 වැනිදා හදිසියේ අභාවප්‍රාප්ත වුයේය.

පියාගේ හැකියාවන් ඔහුට තිබුනද  පැරීසියේ විනෝද සමය නරඹමින් මිතුරන් සමග නිහඩ සමයක් ගත කළේය. ඔහුගේ අවසන් කටයුතු 22 වෙනි සදු  සවස 03 ට කැළණියේ දළුගම ශාන්ත ප්‍රැන්සිස් කතෝලික දේවස්ථානයේ අවසන් දේව මෙහෙයෙන් පසු සවස 04 ට දළුගම රෝමානු කතෝලික සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය. ඔහුගේ වියෝවෙන් පැරීසියේ මිතුරන්ගේ බලවත් ශෝකය එම පවුලේ ඥාතීන් වෙත පළ කරන බව විපුල පතිරගේ මහතා එසැණට පැවැසීය.