ඇනවුමේ ලුනු ගෙනාවේ මත් කුඩු


ඉන්දියාවේ තූත්තුකුඩියේ සිට මෙරටට ගෙන්වන ලද  හාන්ස් මත් කුඩු පැකට් 84000 ක් ඇතුළු  මෙරටට ගෙන්වීමට තහනම්  සහ සීමාකර ඇති භාන්ඩ ඇතුලත් කන්ටේනර 20 ක් රේගු අනුකූලතා සහ සුසධ්‍යකරණ ඒකකය විසින්  ග්‍රෑන්ඩ්පාස්  ග්‍රේලයින් රේගු බහාලුම් අංගනයේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කිවේය.

මෙහි වටිනාකම රුපියල් කෝටිය ඉක්මවනු ඇතැයි රේගුව කියයි.

රතු ලුනු කිලෝග්‍රෑම් 12500 ක් මෙරටට  ගෙන්වන බවට ලියකියවිලි සකසා  ඒ සඳහා  කිලෝ එකකට රුපියල් පහ බැගින් රුපියල් හැටදෙදහස් පන්සීයක විශේෂ වෙළඳ බද්දක් ද රේගුවට ගෙවා ඇතැයිද  ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

අත්අඩංගුවට ගනු ලැබු කන්ටේනර තුළ බමා තිබී  හාන්ස් මත් කුඩු පැකට් 84000 ක්,  සෙයියදු බීඩි කිලෝග්‍රෑම් 459 ක්,  මත් විමට උරන දුම්කුඩු කිලෝග්‍රෑම් 250 ක් සහ ලොකු ලුනු බිජ කිලෝග්‍රෑම් 928 ක්  සහ සෙරෙප්පු ජෝඩු 1468 සොයාගෙන ඇත.

ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ සෙරෙප්පු මෙරටට ගෙන්වීම සඳහා අධික තීරු බද්දක් ගෙවිය යුතු බවත්  ලොකු ලුනු  බීජ  ගෙන  ඒමට පෙර මෙරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවසරය හා අපනයනය කරන රටෙහි ශාක නිරෝධායනය බලපත්‍රය සහිතව ගෙනවා  ගුවන් තොටුපොළෙහි ශාක නිරෝධායනය සේවය වෙත යොමුකර එහි අනුමැතියද  ලබා ගත යුතු  බවයි.

මේ පිළිබඳ විමර්ශන කටයුතු  අතිරේක රේගු අධ්‍යක්ෂක ජෙනරාල් එස්. රාජෙන්ද්‍රන් මහතාග් උලදෙස් මත රේගු අධ්‍යක්ෂක පී.එච් ලියනගේ මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක එම් රවීන්ද්‍ර කුමාර් මහතාගේ මෙහෙයවීමෙන්  රේගු අධිකාරී ප්‍රියන්ත සපරමාදු, වසන්ත සිල්වා, එම්.ඒ.එම් නසීර් සහ සහකාර රේගු අධිකාරීවරුන් වන අශෝකා බාලසුරිය, උපුල් සිල්වා, මාලික් සිල්වා, අසංක සේනාරත්න, උවිඳු පෙරේරා සහ  ඉම්රාන් යුෂුෆ් යන නිලධාරිහු සිදු කරති.

 

.