රජරට විශ්ව විද්‍යාලයයේ මිහින්තලේ පරිශ්‍රයේ පරිපාලන හා ඉගැන්වීම්වලින් ඉවත් වීමට ගත් තීරණය දිගටම ක්‍රියාත්මක කිරීමට ආචාර්ය සංගමය ඒකමතිකව තීරණ කළ බව එහි සභාපති ආචාර්ය චමින්ද එගොඩවත්ත කියයි.
පසුගිය 26 සහ 27 සිසුන් කණ්ඩායමක් උපකුලපති හා ආචාර්වරුන් දස දෙනකු පැය විස්සකට වැඩි කාලයක් සිරකරගෙන ඔවුනට බැණ වදිමින් ඔවුන්ගේ ජීවිතවලට තර්ජනය කිරීම නිසා එම පියවර ගත් බව ද ඔහු කියයි.
සරසවි පාලක සභාව රැස්වී සුදුසු වටපිටාවක් සකස් කරන තුරු ඉගැන්වීමෙන් හා පරිපාලන කටයුතුවලින් ඉවත් වන බව ඔහු පවසයි.
ගුරුවරුන්ට තර්ජනය නොකළ බවත් මේ සිද්ධියෙන් දේශපාලන ප්‍රයෝජන නොගන්නා ලෙසත් ශිෂ්‍ය සංගමය ඉල්ලයි.

