ඇදුරුවරියට හදිසි සැත්කමක්


නාවල විවෘත විශ්ව විද්‍යාලයයේ නීති අධ්‍යයන අංශාධිපති යශෝධරා කදිර්ගාමර්තම්බි මහත්මියට පිහියෙන් ඇනීම සම්බන්ධයෙන් ඇසින් දුටු ආරක්ෂක සේවිකාවක ඇතුළු 15 දෙනකුගෙන් කටඋත්තර ලියා ගත් බව පොලිසිය කියයි.

ඇයට පස්වතාවක් පමණ පිහියෙන් ඇන ඇතැයි සිද්ධිය දුටුවෝ කියති.

පිහිය ද එම ස්ථානයේ දමා තිබිණි.

කළුබෝවිල රෝහලෙන් ජාතික රෝහලට මාරු කළ කථිකාචාර්යවරියට සැත්කමක් සිදු කළ බව රෝහල කියයි.

සිහිසුන්ව කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන නීති ශිෂ්‍ය ශිවඥානසුන්දරම් සුරේන්ද්‍රජිත් ලබන දෙවැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා නියෝග කළේය.