ඇදුම් ගන්න ආ කතගේ ලක්ෂ හතරක් උස්සයි


මහරගම රෙදිපිළි සාප්පුවක රෙදි ගන්නට ආ කතකගේ අත් බෑගය සොරකම් කළ තවත් කතක සොයා පොලිසිය පරීක්ෂණ අරඹයි.

එම බෑගයේ රුපියල් ලක්ෂ හතරක මුදල් තුබූ බව ඇය පොලිසියට හා සාප්පුවට පැමිණිලි කර ඇත.

එම බෑගය සොරා ගත් බව කියන තකගේ ඡායාරූප සාප්පුවේ ආරක්ෂක කැමරාවල සටහන් වී ඇතැයි පොලිසිය පවසයි.