ඇතුළේ කැපිල්ලක් ඇතැයි උප ඇමැති කියයි


ගංජා සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් විල්ගමු  ප්‍රාදේශිය සභා සභාපති ජයන්ත වීරසේකර  නඩුව අවසන් වන තුරු ධුරයෙන් ඉවත් කරන ලෙස  කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා  මධ්‍යම මහඇමැතිගෙන් ඉල්ලා සිටින බව පවසයි.

‘විල්ගමු සභාපතිට ප්‍රබලම දේශපාලනඥයින් උදව් කරනවා.අපේම පක්ෂයේ  ඇමැතිවරයකු , නියෝජ්‍ය ඇමැතිවරයකු  හා පළාත් සභා ඇමැතිවරයකු  මා ලග්ගල ආසනයෙන් පන්නන්න දඟලනවා.සත පහකට වැඩක් නැති දේශපාලනඥයින්ට මා එලවන්න බැහැ.ජනාධිපතිතුමා කිව්වොත් නියෝජ්‍ය ඇමැතිකමත් දාලා යනවා. ‘