ඇතුළුකෝට්ටෙන් විසිඑක් ලක්ෂයක තව හොර නෝට්ටු


කොළඹ කුරුදුවත්තේ පෞද්ගලික බැංකුවක රුපියල් විසි ලක්ෂයක පන්දහසේ හොර නෝට්ටු තැන්පත් කළ බව කියන දුලාංජලි ජයකොඩි මහත්මිය පැය අටක් ප්‍රශ්න කිරීමෙන් පසු මුදාහළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි.

ඇගේ දීර්ඝ ප්‍රකාශයක් ද  ලියා ගැනිණි.

ඇයට මෙම හොර නෝට්ටු දුන් බව කියන ඇතුළුකෝ්ට්ටේ ඇඟළුම් විධායකයාගේ නිවසේ තිබී  රුපියල් පන්දහසේ  තවත් හොර නෝට්ටු 424 ක් සොයා ගත් බව ද ඔහු කියයි.

ඔහු අත්අඩංගුවේ පසු වේ.තවත් කිහිප දෙනකු ගැන පරීක්ෂණ පැවැත්වේ.