ඇතුලත්මුදලි කී‍්‍රඩකයෝ තෝමසුවන් සම තත්ත්වයට ගනිති


කොළඹ රාජකීය විද්‍යාලීය කී‍්‍රඩාංගනයේදී අද (සෙනසුරාදා) ආරම්භ වූ 18 න් පහළ, සමස්ත ලංකා,  සත්සාමාජික රගර් තරගාවලියේ මූලික වටයේ තරගයකදී ශාන්ත තෝමස් විදුහලට එරෙහව පැවති තරගය 17-17 ක් වශයෙන් සම තත්වයෙන් අවසන් කිරීමට ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහල් කී‍්‍රඩකයෝ සමත් වූහ. 

මෙම වසරේ පැවැත්වීමට නියමිත දකුණු ආසියානු යොවුන් තරගාවලියේ තෝරා ගැනීම්ද මේ තරගමාලාවේ දස්කම් අනුව සිදු කෙරේ

පළමු දිනයේ ප‍්‍රතිඵල (දිවා ආහාරයට පෙර)

-    ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල සහ ලලිත් ඇතුලත්මුදලි විදුහල සමලකුණු ලබාගන්නා ලදී. (17-17)
-    විද්‍යා විදුහල විසින් පිළියන්දල මධ්‍ය මහා විදුහල පරදවා ජය ලැබීය. (22-00)
-    ශාන්ත ජෝෂප් විදුහල විසින් සබරගමුව පරදා ජය ලැබීය. (36-00)
-    ති‍්‍රත්ව විදුහල විසින් ලලිත් ඇතුලත්මුදලි විදුහල පරදවා ජය ලැබීය. (24-14)
-    ශාන්ත පීතර විදුහල විසින් විද්‍යාර්ථ විදුහල පරදවා ජය ලැබීය. (24-00)
-    ශාන්ත ඇන්තනි විදුහල විසින් සහිරා විදුහල පරදවා ජය ලැබීය. (31-00)
-    ඉසිපතන විදුහල විසින් ධර්මපාල විදුහල පරදවා ජය ලැබීය. (26-00)
-    රාජකීය විදුහල විසින් කේරි විදුහල පරදවා ජය ලැබීය. (26-12)
-    පානදුර රාජකීය විදුහල විසින් පිළියන්දල මධ්‍ය මහා විදුහල පරදවා ජය ලැබීය. (26-07)
-    සබරගමුව විසින් ශාන්ත මාතලේ තෝමස් විදුහල පරදවා ජය ලැබීය. (36-10)