ඇතින්නටත් වස දීලා


ඉපලෝගම පල්ලෙකාගම වැවේ ගිළී මිය ගොස් සිටි ඇතින්නකගේ මරණයට හේතුව  කෘමිනාශක වර්ගයක් ශරීර ගත වීම බව වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා කියයි.

මෙම ඇතින්න සිකුරාදා  (22) රාත්‍රීයේ වැවේ ගිලී මිය ගොස් සිටි අතර වනජීවී අංශ සහ ප්‍රදේශවාසීන් එකතුවී සෙනසුරාදා සවස ගොඩ ගනු ලැබීය.

වයස අවුරුදු පහළොවක් පමණ වන ඇතින්නගේ උස අඩි හය හමාරකි.

වට්ටක්කාවල දමා වස දෙන්නට ඇතැයි සැක කරයි.