
(අංජුල මහික වීරරත්න)
මේ වනවිට මෙරට සෞඛ්‍ය සේවාවේ සමහර කණ්ඩායම් වල ක්‍රියාකලාපය නිසා ජනතාව තුළ පැහැදීම නැතිවී තිබෙන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
සෞඛ්‍ය සේවාවන් පැය 24 පුරා අඛණ්ඩව මහජනතාවට සේවා සැපයිය යුතු සේවාවක් බවද අමාත්‍යවරයා කීය.
පරිපූරක වෛද්‍ය වෘත්ත්තිකයින් 163 කට උසස් ඩිප්ලෝමා උපාධි ප්‍රදානය කරමින් අමාත්‍යවරයා මේ බව කීය.
පරිපූරක වෛද්‍ය වෘත්තීන්හි (Professions Supplementary to Medicine -PSM) සහ ශ්‍රී ලංකා ජාතික රෝහලට අනුබද්ධිත පරිපූරක වෛද්‍ය විද්‍යාලවල (Paramedical schools attached to the National Hospital) පුහුණු පාඨමාලාවන් සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන් වෙත උසස් ඩිප්ලෝමා උපාධි ප්‍රදානෝත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
ඒ අනුව මෙරට පරිපූරක වෛද්‍ය වෘත්තීන් හි උපාධිධාරීන්ගේ වෘත්තීය ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් හෘද රෝග විද්‍යාව පිළිබඳ උසස් ඩිප්ලෝමාව (Higher Diploma in Cardiography), විද්‍යුත් ස්නායු රෝග විනිශ්චය තාක්ෂණය පිළිබඳ උසස් ඩිප්ලෝමාව (Higher Diploma in Electronurodiagnostic Technology), වෘත්තීය චිකිත්සාව පිළිබඳ උසස් ඩිප්ලෝමාව (Higher Diploma in Occupational Therapy), විකිරණවේදය පිළිබඳ උසස් ඩිප්ලෝමාව (Higher Diploma in Radiography) යන පාඨමාලා මෙම වසරේ සාර්ථකව නිම කළ උපාධිධාරීන් 163 දෙනෙකුට මෙහිදී උසස් ඩිප්ලෝමා උපාධි ප්‍රදානය කෙරුණි.




