හම්බන්තොට දිස්ත්‍රික්කය මුල්කරගත් සංවර්ධනය හරහා තව අවුරුදු දෙකක් තුනක් යන විට එහි තමන්ගෙ බලය කඩාවැටෙන බව දන්නා රාජපක්‍ෂවරුන් ජනතාව ලවා ආරක්‍ෂක අංශ කුපිත කර ඝාතනයක් සිදුකරවා එම මිනී උඩින් ගොස් හෝ දේශපාලන වාසි ගැනීමට උත්සාහ ගන්නා බව එක්සත් ජාතික පක්‍ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
පසුගිය සෙනසුරාදා දිනයේ ඔවුන් ඒ සඳහා ගත් උත්සාහයක් අසාර්ථක වූ බව කී මන්ත්‍රීවරයා රාජපක්‍ෂ කල්ලියේ සියලු දෙනා හම්බන්තොට සංවර්ධනයට අකුල් හෙලද්දී චමල් රාජපක්‍ෂ මහතා පමණක් වෙනස් අදහසක සිටිනා බව පෙනෙන්නේ යැයි ද කීවේය.
පසුගිය පාලන සමයේ කොළඹ නගරයේ ජනතාව බලහත්කාරයෙන් එළියට දමමින් ඔවුන්ගේ ඉඩම් බහුජාතික සමාගම්වලට විකුණද්දී, අද හම්බන්තොට ගැන කතා කරන ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, උදය ගම්න්පිල මන්ත්‍රීතුමාලා සිටියේ කොහේදැයි තමන් ප්‍රශ්න කරන බව ද මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයා සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේzසිරිකොතzඑක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

