ඇතැන්ස් වස් පින්කම


ඇතැන්ස් බෞද්ධ විහාරාධිපති, යුරෝපයේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත එළුවාපොල පඤ්ඤාරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් ශ්‍රී ලාංකික, ග්‍රීක, ඉන්දියා හා බංගලිදේශ ජාතිකයන්ගේ සහභාගීත්වයෙන් ඇතැන්ස් බෞද්ධ විහාරස්ථානයේ කඨික පින්කම පැවැත්විණි. මෙම පිංකම සඳහා ඉතාලියේ ප්‍රධාන සංඝනායක මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති මහගම විපුලසිරි හිමි, මෝදනා මෛත්‍රී විහාරාධිපති මෙදේරිපිටියේ විමලරතන හිමි, වෙරෝනා ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානවාසී පූජාපිටියේ සන්තුසිත හිමි ද ඊට සහභාගී වූහ. ග්‍රීක ජාතික පිරිස සමග ටිබෙට් ජාතික සෝනම් ලාමා තුමාගේ සහභාගීත්වය මෙහි තවත් විශේෂත්වයකි.