ඇතැන්ස් කඨිනය නොවැම්බර 21-22


ග්‍රීසියේ ඇතැන්ස් බෞද්ධ විහාරයේ කඨින පිංකම නොවැම්බර 21, 22 දිනයන්හි විහාරාධිපති රාජකීය පණ්ඩිත එළුවාපොළ ප්‍රඥාරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වීමට යයි.

නොවැම්බර 21 වැනි සෙනසුරාදා දා සවස 6ට සර්වඥ ධාතු ප්‍රදර්ශනය , 7ට අටවිසි බුද්ධ පූජාව, 8.30ට මල්වට්ටි වෙන්දේසිය, 9.30 මහ පිරිත් දෙසුම ද පැවැත්වීමට නියමිතය.

නොවැම්බර 22 උදේ 10ට කඨින චීවරය පෙරහරින් ආරාමයට වැඩම කරවීම, 11ට චීවරය සංඝසතුකර පූජා කිරීම සහ දානය, 1.30ට මහජන ස්‍රගහය, සවස තුනට කඨිනානිසංස දෙසුම සහ ඉතාලියේ ප්‍රධාන සංඝ නායක පදවියට පත් මහගම විපුලසිරි නාහිමි උපහාරය ද පැවැත්වෙයි.