අරණායක සාමසර කන්ද නාය යෑමෙන් අතුරුදන් වූ ගණන 132ක් පමණ බව රජයේ නිලධාරින් කීවද එම ගණන තවත් විශාල ලෙස වැඩි විය හැකි බව ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානය කියයි.
වැසි සමග කන්ද විටින් විට නාය යන නිසා සෝදිසි මෙහෙයුම් අඩාල වූ බව ද එම සංවිධානය පවසයි.
අවතැන් කඳවුරු ගණන අද සවස් වන විට 13ක් දක්වා වැඩි කළ බවත්, අවතැන් වූවන් තවමත් බියෙන් පසු වන බවත් රතුකුරුස සංවිධානය සඳහන් කරයි.