ඇතකුගේ පහරදීමෙන් කාන්තාවක් මරුට


(දයාරත්න ඇඹෝගම)

සිය දියණිය සමඟ යතුරු පැදියකින් තඹුත්තේගම නගරයට එමින් සිටි 49 නව හැවිරිදි කාන්තාවකට මහමග රැදි සිටි ඇතෙකුගේ පහරදීමකින්  අද (26) දින උදෑසන පහර දිමෙන් බරපතල තුවාල ලබා මිය ගොස් ඇතැයි තඹුත්තේගම පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ තඹුත්තේගම, මැහිඇල්ලෑව පදිංචි අනුරාධපුර පළාත් සභා සංකීර්ණයේ පිහිටි රාජ්‍ය බැංකුවක සේවය කරන ප්‍රීයානි ජයකොඩිනැමති කම්කරු කාන්තාවකි.

මෙම කාන්තාව අද (26) දින සිය 25 හැවිරිදි දියණිය සමග සේවයට යාම සදහා තඹුත්තේගම නගරයට එමින් සිටියදි ඇය පදිංචි මැහිඇල්ලෑව ගම්මානය ආසන්නයේදි මෙම ප්‍රහාරයට ලක්වි තිබේ.
 එම මාර්ගයේ ඇතෙකු සහ වන අලියෙකු රැදි සිටි බවත් ඇතා විසින් එහිදි මෙම කාන්තාවට පහරදි ඇතැයි පොලිසිය කියයි.

මහාමාර්ගය ඉදිරිපිටදි ඇතා සහ වන අලියා දැකිමෙන් බියට පත්වු යතුරු පැදිය පැදවු දියණිය යතුරු පැදියෙන් බැස දිව ගොස් ඇති අතර මෙම කාන්තාව යතුරු පැදියෙන් බැස දිව යාමට තැත්කරද්දි පය පැටලි බිම ඇදවැටි ඇති බව පොලිසිය කියයි.

ඒ අවස්ථාවේදි ඇතා විසින් පහරදිම නිසා ඇය තඹුත්තේගම රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරැව මිය ගොස් තිබේ. ඇයගේ 25 හැවිරිදි දියණිය සියදිවි බේරාගත් බව පොලිසිය කියයි.

අනවතුරුව කෝපයට පත්ව සිටි ඇතා ගම්මනාය හරහා දුව යද්දි ගෙවත්තක බැද සිටි ගවයන් දෙදෙනෙකුට පහරදි ඇති අතර එහිදි එක් ගවයෙකු මිය ගොස් අනෙක් ගවයා තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති.