වී අලෙවි මණ්ඩලයට ලබාදුන් වී සඳහා මෙතෙක් මුදල් නොලැබුණු බව කියමින් අරලගංවිල ගම්මාන කිහිපයක ගොවීහු අද (7) මාදුරුඔය - පොළොන්නරුව ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.
ගොවීහු 200කට ආසන්න පිරිසක් අරලගංවිල ලංකා බැංකුව ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් පැවැත්වූ උද්ඝෝෂණයට පැමිණි අරලගංවිල පොලිස් ස්ථානාධිපතිවරයා ගොවි නියෝජිතවරයකු සමග පොළොන්නරුව ප්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතා හමුවීමට ගියහ.
නිමල් ඒකනායක මහතා ඔවුන් අත ගොවීන්ට ගෙවීම සඳහා රුපියල් ලක්ෂ 400ක චෙක්පතක් යැවූ බව කීවේය.



