ඇටකටු මාළඹේට ගිය හැටි හොයයි


කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ තිබිය යුතු ඇටකටු 26ක් මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ගෙන යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම වාර්තාව ලැබීමෙන් පසු තමන් ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි පෞද්ගලික රෝහලක වසීම් තජුඩීන්ගේ ශරීර කොටස් ඇතුළු මෙම ශරීර කොටස් තබා ගැනීම සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්දැයි ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව පැවසීය.