ඇඟිලි සලකුණු ජාලගත කෙරේ


අපරාධකරුවන්ගේ  ඇඟිලි සටහන්  පද්ධතිය  ස්වයංක්‍රිය ලෙස රටපුරා පිහිටි පොලිස් කොට්ඨාස මට්ටමින් ජාලගත කිරීම සිදු කැරගෙන යන බව  කොළඹ විශ්ව විද්‍යාලයයේ  පරිගණක අධ්‍යාපනායතනයේ මෘදුකාංග ප්‍රවර්ධන ඒකකයේ ප්‍රධානි හර්ෂ විජයවර්ධන මහතා පැවසීය.

පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාගේ ඉල්ලිමකට අනුව මෙම කාර්ය සිදු කෙරෙයි.

මේ අනුව කිසියම් පොලීසියකින් ලබා ගන්නා ඇඟිලි සටහන් පොලිසිය ඔස්සේ  ක්‍රියාත්මක වන වීපීඑන් පරිගණක ජාලය හරහා පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසයට යොමු කළ යුතුයි.එවිට අවැසි නිසි පිළිතුරු ක්ෂණිකව ලබා දෙයි.

මේ ක්‍රමවේදය හේතුවෙන්  අත්‍යවශ්‍ය පුද්ගලයින් සැකපිට පොලිස් භාරයේ රඳවා ගැනීම වැලකෙයි.අවශ්‍ය සැකකරුවන් පමණක් රඳවා තබාගැනීමට හැකිවෙයි.

කොළඹ විශ්ව විද්‍යාලයයේ පරිගණක අධ්‍යනායතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මහතාගේ උපදෙස් මත මෙම කාර්ය සිදු කෙරෙයි.