ඇඟලුම් සේවකයාගේ දේහය බාර ගන්න කාන්තාවෝ තිදෙනෙක්


රිය අනතුරකින් මිය ගිය ඇගලුම් සේවකයකුගේ දේහය බාර ගැනීමට කාන්තාවන් තිදෙනකු ඉදිරිපත් වූ බව කියමින් ගම්පහ පොලිසිය අද ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

පොලිසිය කීවේ කාන්තාවන් තිදෙනාම කසාද සහතික ඉදිරිපත් කරමින් අයිතිවාසිකම් කියන බවයි.

එම කාන්තාවෝ තිදෙනාම අද නීතීඥවරුන් තිදෙනකු මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ.

තිදෙනාගේ දරුවන් හය දෙනාට කිසිදු අගතියක් නොවන පරිදි අවසන් කටයුතු සිදු කරන ආකාරය සාකච්ඡා කර බදාදා (16) අධිකරණයට දැනුම් දෙන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.