
(හේමලතා ඩී හේවගේ )
දිවුලපිටිය ඇඟලුම් කම්හලේ සේවය කරන පන්නල වැටකෙයාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.
වයිරසය ආසාදනය වී ඇති අය මේ වනවිට මීගමුව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ සිව්දෙනෙකු නිවස තුළම ස්වයං නිරෝධානය කර ඇති බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීනී වෛද්‍ය සමා හේරත් මහත්මිය පැවසුවාය.
පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසයට අයත් ඉහළ මාකඳුර, පහළ මාකඳුර, මැල්ලවලාන , පල්ලේගම , බෝපටිය, නාරංගොමුව , වැටකෙයාව යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් 10 දෙනෙකුගේ පී සී ආර් පරීක්ෂණ සිදුකර තිබේ.
ඉන් එක් අයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බවත් සෙසු පිරිසගේ පී සී ආර් වාර්තා ලැබීමට නියමිත බවද සඳහන් වේ.

