
(ඉන්දිකා රාමනායක)
මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කරන ගම්පහ ප්‍රදේශයේ පදිංචි සියලුම සේවක සේවිකාවන්ට අද(07) සවස 4.00ට පෙර පහත සඳහන් ස්ථානවලට වාර්තා කරන ලෙසට පොලිසිය නියෝග කර ඇත.
ගම්පහ ස්ථිර පදිංචිකරුවන්, තාවකාලිකව නැවතී සිටින සේවක සේවිකාවන්ට මෙම විශේෂ නියෝගය නිකුත් කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම පැමිණෙන සියලුම සේවක සේවිකාවන්ගේ තොරතුරු මෙම ස්ථානවලදී ලබාගෙන ඔවුන් සියලු දෙනා නිරෝධායන කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කියයි.
කිසියම් සේවකයන් පිරිසක් ගම්පහ ප්‍රදේශයට පරිබාහිරව වෙනත් ස්ථානවල රැඳී සිටී නම් ඔවුන් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත ගොස් සියලු තොරතුරු දැනුම් දෙන ලෙස අජිත් රෝහණ මහතා සඳහන් කරයි.


