බණ්ඩාරගම රඹුක්කන ඇඟලුම් කර්මාන්ත ශාලාවක ඉවතලන අපද්‍රව්‍ය පුළුස්සන කවුළුව ප්‍රමිතියට අනුකූලව ඉදි කරන තෙක් එය පරිහරණය කිරීම අවලංගු කළ බව මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ වැඩ බලන පරිසර නිලධාරිනි එම් අයි පෙරේරා මහත්මිය කීවාය.
මෙම ආයතනයේ ඉවතලන අප ද්‍රව්‍ය පිලිස්සීමෙන් ඇති වන දුම හා අළු නිසා පානීය ජලය අපවිත්‍ර වීම හා ශ්වසන රෝග පැතිර යාමේ අවධානමක් පවතින බවට බණ්ඩාරගම පොලීසීයට පැමිණි කිරීමෙන් පසු පොලීසිය මධ්‍යම පරිසර අධිකාරීයට දන්වා මෙම තීරණය ගත්තේය.