(කේ බුද්ධික කුමාරසිරි)
කඩුවෙල නගරයේ සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් කාන්තාවන් මුදලට විකිණූ ස්ථාන හතරක් වටලා කාන්තාවන් 12 දෙනකු ඇතුලු 16 දෙනකු අත් අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය පවසයි.
ලද පැමිණිලි කිහිපයක් මත කඩුවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඛාන් වීරසිංහ මහතාගේ උපදෙස් පරිදි අධිකරණය නියෝග මත ලබා ගත් වරෙන්තු අනුව මෙම වැටලීම සිදු කර ඇත.
අත් අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 12 දෙනකු කළමණාකරුවන් ලෙස සේවය කළ පිරිමි පුද්ගලයන් සිව්දෙනකු වන බවද පොලිසිය පවසයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ කිරිදිවැල බලංගොඩ හංවැල්ල බියගම පොලොන්නරුව ඇතුලු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් සැකකාරියන් වයස අවුරැදු 20 ත් 40ත් වයසේ වන විවාහක කාන්තාවන් බවත් පොලිසිය පවසයි.
සැකකරුවන් සහ සැකකාරියන් පිරිස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.

