ඇගළුම් සේවක සිරුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණයට


වැලිවේරිය නගරයේදී  යුද  හමුදාව හමුදාව සමග ඇති වු ගැටුමේදී තුවාල ලබා  කොළඹ  ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී ඉරිදා  (04) සවස මිය ගිය    ගම්පොළ උඩහේන්තැන්නේ  පදිංචිව සිටි නිලන්ත පුෂ්ප කුමාරගේ (29)  මුලික මහෙස්ත්‍රාත්  මරණ පරීක්ෂණය අද (05) දහවල්  ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේදී  සිදු කෙරිණි.

මාලිගාකන්ද වැඩ බලන මහෙස්ත්‍රාත් ඩෙන්සිල් ලොයිඩ්  ග්‍රේ  මහතා මෘත ශරීරාගාරයට පැමිණ  මුලික පරික්ෂණයක් පැවැත්වීය.

වැඩබලන මහෙස්ත්‍රාත්වරයා මෘත ශරීරය පරික්ෂා කිරිමෙන් අනතුරුව කියා සිටියේ හිසේ පමණක් තුවාල සිදු වී ඇතිබවත්  ශරීරයේ වෙනත් කිසිදු ස්ථානයක බාහිර තුවාල ,තැලීම්, සිරීම් නොමැති බවත්ය.

  පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත  සිරුර යොමු කරන ලෙසත් අනතුරුව වෛද්‍ය වාර්තාව මාලිගාකන්ද  මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

 පරීක්ෂණ කටයුතු අවසන් කිරිමෙන් අනතුරුව මෘත ශරීරය  ඔහුගේ බිරියට භාර දෙන්නැයි ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

 බියගම වෙලද කළාපයේ  සේවය කළ නිශාන්ත ඉකුත් බ්‍රහස්පතින්දා (1)  වැලිවේරීය ප්‍රෙද්ශයේ  සිය  නවාතැන් පොළෙහි සිට රාත්‍රි සේවය සදහා සේවා ස්ථානයට යෑමට වැලිවේරිය නගරයට පැමිණි අවස්ථාවේ  මෙසේ  ප්‍රහාරයට ලක් වී ඇත.

කොළඹ ජාතික රෝහලේ සිහිසුන්ව දින තුනක් ප්‍රතිකාර ලැබීමෙන් පසු  පෙරේදා (03) සවස  ඔහු මිය ගියේය. ඔහු එක් දරු පියෙකි.