පසුගිය කාලයේ හොලිවුඩ් පුරවරයම කැළඹූ පුවතක් වූයේ සුපිරි නළු නිළි යුවළක් වන බ්රැඩ් පිට් සහ ඇන්ජලිනා ජොලීගේ විවාහ ජීවිතය නිමාවට පත්වීමේ පුවතයි. බ්රැඩ් පිට්ගෙන් දික්කසාද වීමට නීතිමය ලියකියවිලි ඉදිරිපත් කළ ඇන්ජලිනා, ඇගේ ජංගම දුරකථනයට ලැබෙන කෙටි පණිවිඩ සහ බ්රැඩ් පිට්ගේ දුරකථන අංකද අවහිර කර ඇති බව සඳහන් වෙනවා. දැනට 41 වැනි වියෙහි පසුවන ඇන්ජලිනා පැවසුවේ හිටපු සැමියා සමඟ කිසිදු අදහස් හුවමාරුවකට තමන්ගේ කැමැත්තක් නොමැති බවයි.
කෙසේ වෙතත්, බ්රැඩ්ගේ හිතවතෙකු පැවසුවේ, ඇන්ජලිනාගේ වෙන්වීම නිසා බ්රැඩ් දැඩි ශෝකයෙන් යුතුව කාලය ගත කරන බවයි.
මේ වනවිට ඇන්ජලිනා පදිංචිව සිටින්නේ ලොස් ඇන්ජලීස් නුවරයි. එම ප්රදේශයේ පිහිටි කුලී නිවෙසක දරුවන් හයදෙනා සමග ඇය ජීවත් වන බවයි හොලිවුඩ් පුවත් වාර්තා කරනවා.