ආසියාවේ ගවේශනාත්මක මාධ්‍යකරණ සමුළුව ඇරැඹෙයි


ආසියාවේ ගවේශනාත්මක මාධ්‍යකරණය පිළිබඳ  දෙවැනි සමුළුව අද (23) නේපාලයේ කත්මන්ඩු නුවර දී ඇරැඹිණි.

ඉරිදා (25) එය අවසන් වීමට නියමිතය.

නේපාලයේ ගවේශනාත්මක මාධ්‍ය මධ්‍යස්ථානය, ලෝක ගවේශනාත්මක මාධ්‍ය එකමුතුව සහ කේඒඑස් සංවිධානය එම සමුළුව සංවිධානය කරයි.

මෙම වසරේ ගවේශනාත්මක මාධ්‍යකරණය ගැන වැඩි කතා බහක් ඇති කළ පැනමා පත්‍රිකා හෙළිදරව්ව සම්බන්ධ සාකච්ඡාවකින් එය ආරම්භ විය.

ඩ්‍රෝන් ජනමාධ්‍යවේදය, දත්ත ජනමාධ්‍යවේදය, දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් ගවේශනය කිරීම, දූෂණ, නෛතික බලපෑම්, තොරතුරු දැන ගැනීමේ අයිතිය හා තොරතුරු දැනගැනීමේ නිදහස, සෞඛ්‍ය ගැන ගවේශනය, දුෂ්කරණ වාතරවණ මැද ගවේශනාත්මක මාධ්‍යකරණය, ඩිජිටල් ආරක්ෂාව, මූල්‍ය අපරාධ ගවේශනය, අපදා වාර්තාකරණය, ත්‍රස්තවාදය වාර්තාකරණය ආදී මාතෘකා රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා සහ දේශන මෙම සමුළුවේදී පැවැත්වේ.