ආසියානු ජාතික ගුවන් මගියකු විසින් සිය ගමන් බෑගයේ සූක්ෂ්ම ලෙසින් සඟවාගෙන ආ රත්තරන් කිලෝ 5 ක් අත්අඩංගුවට ගැනීමට හමාඞ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රේගු අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් සමත් විය.
මෙම මගියා තම බෑගය තුළ රත්තරන් යම් ප්‍රමාණයක් ඇති බව මුල් අවස්ථාවේදී ඔහුව පරීක්ෂා කළ රේගු නිලධාරියාට ප්‍රකාශ කර ඇතත්, ඔහු පිළිබඳව සැක සිතූ එම නිලධාරියා ඔහුව වැඩිදුර පරීක්ෂාව සඳහා යොමු කර තිබේ. එහිදී බෑගය තුළ රහසිගත පොකැට්ටටුවක සූක්ෂ්ම ලෙසින් සඟවා තිබූ කිලෝ 5 ක් පමණ බරැති රත්තරන් කැබැලි 5 ක් සොයාගැනීමට හැකිවී ඇත.
මෙම රත්තරන් තොගය අල්ලාගත් රේගු නිලධාරියාගේ සේවය ඇගැයූ රේගු අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති අහ්මඞ් බින් අලි අල් මොහන්නදි පවසන්නේ රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම ආයතනය නිරන්තරයෙන්ම කැපවී සිටින බවයි.