ජාත්‍යන්තර ජයග‍්‍රහණ කෙරෙහි විශ්වාසය තැබිය හැකි ක‍්‍රීඩා තෝරා බේරාගෙන එම ක‍්‍රීඩා වලින් ඉදිරියට එන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ දියණුවට වැඩි දායකත්වයක් දැරීමට කටයුතු කරන බව ක‍්‍රීඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි. ඉන්දියාවේ ‘පූනේ’ තරගයේදී නිමාව දුටු 20 වැනි ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට හිමිවූ පදක්කම් සහ ශ්‍රී ලංකාවේ දස්කම් ගැන කළ විමසීමකදී ඇමතිවරයා මෙසේ පැවසීය.
එම තරගාවලියේදී ශ්‍රී ලංකාවේ දස්කම් රිදී පදක්කම් දෙකකට සහ ලෝකඩ පදක්කමකට සීමා විය. ඇමතිවරයා පැවසුවේ ශ්‍රී ලංකාවේ දස්කම් ප‍්‍රමාණවත් නොවන බවයි.
”පුම්බපු තරමට ප‍්‍රතිඵල ආවෙ නෑ. රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීම ගැන සෑහීමකට පත් වෙන්න බෑ”
”කළමනාකරු වාර්තාව ලැබුණු පසු රටේ මලල ක‍්‍රීඩාව සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නේ කුමන ක‍්‍රියාමාර්ග වලටද කියලා තීරණයකට එනවා” යයිද ඇමැතිවරයා පැවැසීය.
”ක‍්‍රීඩා අමාත්‍යාංශය මේ රටේ ක‍්‍රීඩාවට අති විශාල මුදලක් වියදම් කරනවා. ප‍්‍රතිඵල නැතිනම් ඒ වියදමෙන් වැඩක් නෑ”
”ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවලියේ ප‍්‍රතිඵල ගැන හිතනකොට අනාගතයේදී ක‍්‍රීඩා අමාත්‍යාංශය වැය කළ යුත්තේ කුමන ක‍්‍රීඩා වලටද කියලා තීරණයක් ගන්න වෙනවා” යයිද ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය.
පූනේ මලල ක‍්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් 20 දෙනෙක් සහභාගි වූහ.