ආසියානු ශාන්තිකර කලාපීය බාල දක්ෂ අධ්‍යක්ෂක ලංකාවේ


ලෝක බාල දක්ෂ සම්මේලනයේ  ආසියානු  ශාන්තිකර කලාපීය නව අධ්‍යක්ෂක ජේ. රිසාල්  සී  පංගිලිනන්   මහතා  තෙදින නිල සංචාරයක් සඳහා පිලිපිනයේ මැනිලා නුවර සිට  අද  අළුයම දිවයිනට පැමිණියේය.

ලෝක බාල දක්ෂ සම්මේලනයේ ආසියානු ශාන්තිකර කලාපයේ ශ‍්‍රී ලංකා නියෝජිත ජනප‍්‍රිත් ප‍්‍රනාන්දු , ශ‍්‍රී ලංකා බාල දක්ෂ සංගමයේ  නියොජ්‍ය ප‍්‍රධාන  කොමසාරිස්  ෂිරාස් සාලි සහ මුලස්ථාන කොමසාරිස් ප‍්‍රභාත් කුලරත්න යන මහත්වරුන්  විසින් මෙරටට පැමිණි  පංගිලිනන්  මහතාව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප‍්‍රභූ පර්යන්තයේදී ඉතා උනුසුම් අන්දමන් පිළිගනු ලැබීය.

පංගිලිනන්  මහතා ආසියානු ශාන්තිකර කලාපීය අධ්‍යක්ෂක ධුරය ලැබු පසු ශ‍්‍රී ලංකාවට පැමිණි ප‍්‍රථම අවස්ථාව මෙය වෙයි. 
 

ශ‍්‍රී ලංකාවේ බාල දක්ෂ කණඩායම් නායකත්ව පුහුණු  වැඩසටහන් කිහිපයකට දායක වීම පංගිලිනන් මහතාගේ  මෙම ගමනේ අරමුණ වෙයි.

ආසියානු  ශාන්තිකර කලාපයේ මුලස්ථානය  පිලිපීනයේ මැනිලා නුවර පිහිටා ඇති අතර මිලියන තිස් හයක් වු ලෝක බාල දක්ෂ සාමාජික සාමාජිකාවන්ගෙන් මිලියන් තිහක්ම ආසියානු ශාන්තිකර කලාපයේ සාමාජිකයෝ වෙති.

මීට අමතරව කොළඹ දිස්ත‍්‍රික් බාල දක්ෂ සංගමයේ  සියවස සැමරීමේ උත්සවයකටද ඔහු සහභාගීවීමට නියමිතය.

මෙම  අවස්ථාවට ශ‍්‍රී ලංකා බාල දක්ෂ සංගමයේ නිලධාරීහු  රැසක් සහභාගී වූහ.