ආසියානු රග්බි තරගාවලිය මාර්තු 31 ශ්‍රී ලංකාවේදී ඇරඹේ


දෙවැනි කොටසේ ආසියානු සිවුකොන් රග්බි තරගාවලිය ලබන මාර්තු මස 31 වැනිදා කොළඹදී ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලියේ සියලූම තරග කොළඹ හැව්ලොක්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව, කසකස්තානය, තායිලන්තය සහ චීන තායිපේ යන රටවල් සහභාගි වෙයි. ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය මාර්තු මස 31 වැනිදා චීන තායිපේ පිලට එරෙහිව පැවැත්වේ.

තරග කාල සටහන (සියලූම තරග හැව්ලොක්ස් පිටියේදී)
මාර්තු 31 වැනිදා
ප.ව. 2.00 - කසකස්තානය සහ තායිලන්තය අතර
ප.ව. 4.00 - ශ්‍රී ලංකාව සහ චීන තායිපේ අතර

අපේ‍්‍රල් 03 වැනිදා
ප.ව. 2.00 - කසකස්තානය සහ චීන තායිපේ අතර
ප.ව. 4.00 - ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර

අපේ‍්‍රල් 06 වැනිදා
ප.ව. 2.00 - චීන තායිපේ සහ තායිලන්තය අතර
ප.ව. 4.00 - ශ්‍රී ලංකාව සහ කසකස්තානය අතර