ජූලි 3 වැනිදා ඉන්දියාවේ පූනේ නගරයේදී ආරම්භ වන 20 වැනි ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලියට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 20 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගී කරවීමට ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමය තීරණය කර තිබේ.
සුගතදාස පිටියේදී පසුගිය සෙනසුරාදා (15) පැවති තේරීම් තරගාවලියෙන් පසුව තෝරාගන්නා ලද ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා කණ්ඩායමට අනුමැතිය ලබාගැනීම සඳහා එය හෙට (17) කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා වෙත යොමු කරනු ඇතැයිද වාර්තා වේ.
ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම කී‍්‍රඩිකාව වන, හෙල්ල විසිකිරීමේ ශූරීය, නදීකා ලක්මාලිට ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය ලැබෙනු ඇතැයිද වාර්තාවේ.