(අංජුල මහික වීරරත්න)
ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 ප්‍රකාශයට පත් කිරීමේ සමාරම්භක අවස්ථාව කොළඹ අරලියගහ මන්දිරයේදී අද (15) පැවැත්විණි.
එහිදී විජය පුවත්පත් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජනක රත්නකුමාර මහතා ‘ආසියානු ඵලදායිතා උපදේශකයන් සඳහා වන ජාතික සම්මානයෙන් පිදුම් ලැබීය.
ජනක රත්න කුමාර මහතා එම සම්මානය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතින් ලබා ගත්තේය.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති,ආසියානු ඵලදායීතා සංවිධානයේ මහ ලේකම් ආචාර්ය ඉන්ද්‍රා ප්‍රදාන සිංගවිනාටා,කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර,ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජේ.ඩී.නිරංජ එස්.ජයකොඩි මහත්ම මහත්මීහු ද මීට සහභාගී වූහ.
(ඡායාරූපය සුමුදු හේවාපතිරණ)