සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත වයස 23 න් පහළ ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා වයස 23 න් පහළ කණ්ඩායම තෝරා ගැනීම සදහා ක‍්‍රීඩයන් 18 දනකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබේ. ඉදිරියේදී පැවැත්වෙන වයස 23 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ දස්කම් අනුව ශී‍්‍ර ලංකා 23 න් පහළ කණ්ඩායම තෝරා ගැනීමට නියමිතය.
මෙම සංචිතයේ පුහුණුකරු ලෙස සුමිත‍්‍ර වර්ණකුලසූරිය මහතා කටයුතු කරයි.
ශ‍්‍රී ලංකා වයස 23 න් පහළ සංචිතය:
කිත්රුවන් විතානගේ, තරි`දු කෞෂාල්, අකිල ධනංජය, ෂෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, දුෂ්මන්ත චමීර, කසුන් මධුසංඛ, විශ්ව ප‍්‍රනාන්දු, රමිත රඹුක්වැල්ල, ගයාන් මනීෂාන්, පබසර වඩුගේ, ඉම්රාන් ඛාන්, ළහිරු ජයරත්න, යශෝධ ලංකා, රුමේෂ් බුද්ධික, චරිත් ජයම්පති, ධනුෂ්ක ගුණතිලක සහ උදාර ජයසුන්දර
(●●)