ආසියා රටවල් නවයක් පැරිසියේ වෙසක් සමරයි


ජාත්‍යන්තර වෙසක් දිනය නිමිත්තෙන් පැරිසියේ යුනෙස්කෝ මූලස්ථානයේ දී විශේෂ දහම් වැඩ සටහන් ඇතුළත් වෙසක් උත්සවයක්  හා වියට්නාමය, මොංගෝලියාව, චීනය, බංගලිදේශය, ඉන්දියාව, නේපාලය, ඉන්දුනීසියාව, තායිලන්තය හා ශ්‍රී ලංකාවේ  ජාතික සංස්කෘතිය සංදර්ශනයක් පැරිසියේ දී පැවැත්විණි.

එක් එක් ජාතීන්ට ආවේනික නර්තන හා ගායන වැඩසටහන් එදින සංදර්ශනය ආලෝකමත් කළේය.

ශිරන්ති රාජපක්ෂ ජනාධිපති ආර්යාව, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති හඟවත්ත උත්සවයේ ප්‍රධාන ආරාධිතයෝ වූහ.

තායිලන්තයේ වැඩ වසන බෝදාගම චන්දිම හිමියන්ගේ අනුශාසනාව මත සංවිධානය වූ එම වෙසක් උත්සවය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ ලේකම් ජෝර්ජ් කුක් මහතාගේ වේදිකා පරිපාලනයෙන් සිදු විය.