ආසියා බැංකුවෙන් ලංකාවට කෝටි 8250ක්


ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරලීම සඳහා තවත් ව්‍යුහාත්මක වෙනස්කම් අවශ්‍ය බව ආසියා සංවර්ධන බැංකුව කියයි.

ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ව්‍යාපාරික රෙගුලාසි තවදුරටත් ළිහිල් විය යුතු බව බැංකුව පවසයි.

2015 වසර දක්වා ගතවූ වසර 10 තුළ ආසියා සංවර්ධන බැංකුව ඩොලර් බිලියන 5.5ක් වටිනා වැඩසටහන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ අතර, එමගින් මෙරට යටිතල පහසුකම්වල කැපී පෙනෙන සංවර්ධනයක් දක්නට ලැබෙන බවත්,වාර්තාවේ සඳහන් වෙයි.

මේ වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් දක්වා ගතවූ මාස 10 තුළ දී ආසියා සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 250ක මූල්‍යාධාර ලබාදී ඇති අතර, රාජ්‍ය - පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘති සඳහා තවදුරටත් ආයෝජන සිදුකිරීමට සූදානම් බව ද  එම වාර්තාවේ සදහන් වේ.