ආසියා ක්‍රිකට් රන් පදක්කම ලංකාවට


දකුණු කොරියාවේ ඉන්චොන් නුවර පැවත්වෙන ආසියා ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්විය. අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබූ ඇෆ්ගනිස්තානය ලකුණු 68 කින් පැරදවූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු වරට ආසියානු ක්‍රීඩා උළෙලකදී ක්‍රිකට් රන් පදක්කමට උරුමකම් කීහ.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 කදී ලකුණු 133 කට සියලු දෙනා දැවී ගිය අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තානු කණ්ඩායමට පන්දු වාර 17 පන්දු 4 කදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 65 ක් පමණි.

ආසියා ක්‍රීඩා උළෙලට පසුගියවර සිට පන්දුවාර 20 ක්‍රිකට් හඳුන්වාදුන් අතර ගියවර එහි රන් පදක්කම බංගලිදේශ ක්‍රිකට් කණ්ඩායමට හිමිවිය. මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම ලහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් තරග වැදුණු අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරඟාවලියේ ලෝකඩ පදක්කම හිමිකරගත්හ.