
(රංජිත් රාජපක්ෂ)
හැටන් වටවල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 10දෙනෙකුට කොවිඩ් 19 වයිරසය අසාදනය වී ඇති බැවින් සෞඛ්‍ය අංශවලට සහයෝගය දැක්වීම පිණිස එම ඇගළුම් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට එහි පාලන අධිකාරිය කටයුතු කර ඇත.
එහි සේවක සේවිකාවන් පිරිසක් ආසාදිතයන් බවට ඊයේ (23) දින පස්වරුවේ ලද පී.සී.ආර් පරීක්ෂණ වාර්තා අනුව තහවුරු වී ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්ෂක කේ.කාමදේවන් මහතා පැවසීය.
එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ ඉකුත් (14) දින කොවිඩ් 19 වයිරසය අසාදනය වු සේවකයෙක් හමුවීමෙන් පසු ඔහුගේ ළගම ආශ්‍රිතයන් 60 දෙනෙකුගෙන් (18) දින සිදු කල පී.සී.ආර් පරීක්ෂණ වාර්තා අනුව සේවකයින් සිව්දෙනෙකුට සහ සේවිකාවන් 6දෙනෙකු සමග දස දෙනෙකුට කොවිඩ් 19 වයිරසය අසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව කේ.කාමදේවන් මහතා කියා සිටියේය.
(18) දින සිදු කල පි.සි.ආර් පරික්ෂණයෙන් පසුව එම සේවක සේවිකාවන් 60 දෙනෙකු සහ ඔහුන්ගේ පවුල්වල සමාජිකයන් 200 දෙනෙකු පමණ ස්වයං නිරෝධානයට යොමු කර සිටි බවත් , නව අසාදිතයන් 10දෙනාගේ ළගම ආශ්‍රිතයන්ගේ පී.සී.ආර් පරීක්ෂණයක් අද (24) සිදු කරන බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.කාමදේවන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.


