ආසාදිතයන් සියයට 80 කට වඩා සුවයි


 

(ඩිල්ශානි චතුරිකා දාබරේ)

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 698 දෙනෙකු සුවය ලබා අද (30) දිනයේදී පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 34, 623කි.

මේ දක්වා වයිරසය අසාදනය වූ පිරිස අතුරින් අද (30 වැනිදා) වන විට සුවය ලැබූ පිරිස ප්‍රතිශතයක් වශයෙන් 82.3 % ක් බව කොරෝනා -19ට එරෙහි ශ්‍රී ලංකා නිල අන්තර්ජාල අඩවිය වාර්තා කරයි. (සවස 4.15ට නිකුත් කළ වාර්තාවට අනුව)

තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින පිරිස 7,245කි.තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිස ප්‍රතිශතයක් වශයෙන් 17.2 % කි.

අද උදෑසන 10.00 වනවිට රෝහල්ගත කර ඇති, කොරෝනා බවට සැක රෝගීන් ගණන 545කි.

පසුගිය පැය 24 තුළ තහවුරු කළ රෝගීන් ගණන 460කි.

මේ වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත සමස්ත ගණන 42,063කි.මරණ 195 කි.