විරුසර වරප්‍රසාද කාඩ්පත හඳුන්වාදීම වෙනුවෙන් පැවැති උත්සවයට ලොකුම තැන්වලින් ආරාධිතයන් ආවාලු. හමුදා, පොලිස් හැම පැත්තකම ලොක්කෝ එහි සිටියාලු.
ඒ ලොක්කන් වෙනුවෙන් ඉදිරිපෙළ අසුන් වෙන්කර තිබුණාලු. හමුදාවේ ලොක්කන් වාඩිවී සිටි තැන ලොක්කකුට වෙන් කළ අසුනක මවක් සිටියාලු. ඇය එතැනින් සෙලවෙන්නේවත් නැතිලු. ඇයට වෙන් කළ අසුනක් සේ සිතා සුව පහසුව සිටියාලු. බැරිම තැන ජනපති ආරක්ෂක අංශයේ සෙබළියන් පැමිණ පැමිණ ඇය වෙනත් ස්ථානයකට යැවීමට දැඩි පරිශ්‍රමයක් දැරුවාලු.
බලෙන් ඔසවා ගෙන යන්න හැදුවත් ඇය නැවත එම ආසනයේම වාඩි වුණාලු. ආරක්ෂක අංශය බොහෝ වෙහෙසක් දරා අවසානයේ ඇය එතැනින් ඉවත් කළාලු. මේ දුටු කවුරුත් කීවේ මව ලොකු තැනක කෙනෙක් හෝ ලොකු තැනක උෂ්ණය වැදුණු කෙනෙක් වෙන්නත් පුළුවන් කියලාලු.






